වයඹ පළාතේ හරක්ට පළාතෙන් පිට වීම තහනම්

0

වයඹ පළාතේ හරක්ට

වයඹ පළාත තුළ ගවයන් අතර සීග්‍රයෙන් පැතිර යන වෛරස් රෝගයක් පාලනය කිරීම සඳහා වයඹ පළාතේ හරක්ට වයඹ පළාතෙන් පිට පළාත්වලටත් පිට පළාත්වලින් වයඹ පළාතටත් ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ගවයන්ගේ සම ආශ්‍රිතව ඇතිවන මෙම වෛරස් රෝගය (Lumpy Sceen diseases ) මේවනවිට වයඹ පළාතේ පිහිටි පශු වෛද්‍ය නිලධාරි කොට්ඨාස 46 න් 34 කටම පැතිර ගොස් ඇති බවද මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන රෝගය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පශු වෛද්‍ය ජේ.ඒ.එස්.පෙරේරා මහතා සඳහන් කළේය.