දින 6 කදී නිවෙස් තුල සිදුවූ කොරෝනා මරණ 54 ක්

0
Covid 19 deaths in sri lanka last six days - දින 6 කදී නිවෙස් තුල සිදුවූ කොරෝනා මරණ 54 ක්

අද වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 1,269 ක්.  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගතවූ දිනයේ තහවුරු කළ මරණ 28 ක්ද ඒ අතර වනවා.

දිනෙන් දින වාර්තා වන කොරෝනා මරණ අතරින් නිවෙස් තුළදී සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා.

පසුගිය 20 වැනිදා සිට මේ දක්වා  වාර්තා වූ කොරෝනා මරණ 221 න් 54 දෙනෙකුම මියගොස් තිබුණේ නිවෙස් තුළයි.

ඉන් 22 දෙදෙනෙකුම ඊයේ සහ අද තහවුරු කළ මරණ අතරට අයත්වීම විශේෂත්වයක්.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව ක්‍රියා කළහොත් ඉදිරි සති කිහිපයේදී ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබිය හැකිවනු ඇති බවයි.