ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවත් අඩු කරයි

0
Sathosa Goods Prices - ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවත් අඩු කරයි

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 4ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

එම භාණ්ඩ අඩු කළ මිලට අද (12) සිට දිවයින පුරා පිහිටි ලංකා සතොස අළෙවිසැල්වලින් මිලදී ගත හැකි බව ද සතොස පවසයි.

සම්බා කිලෝවක් රුපියල් 5 කින්, සුදු කැකුළු කිලෝවක් රුපියල් 16 කින්, නාඩු සහල් කිලෝවක් රුපියල් 2 කින් සහ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 5 කින් අඩු කර ඇති අතර ඒ අනුව සම්බා කිලෝවක් කිලෝවක් රුපියල් 220 කට, සුදු කැකුළු කිලෝවක් රුපියල් 189 කට කට, නාඩු සහල් කිලෝවක් රුපියල් 198 කට සහ තිරිඟු පිටි කිලෝවක් රුපියල් 240 කට මිලදී ගතහැකිය.