සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවයි

0
VIP Vehicles - සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවයි

රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට අද (24) අමාත්‍ය මණ්ඩලය තීන්දු කර ඇත.

අමාත්‍ය මණ්ඩල හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද Zoom තාක්ෂණයෙන් පැවැත්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.

වර්තමානයේ රටේ පවතින තත්ත්වය සහ මූල්‍ය ස්ථාවරය පිළිබඳ අවධානය යොමු ක‍රමින් වාහන ගෙන්වීම තවදුරටත් සීමා කළ යුතුව ඇතැයි අමාත්‍ය මණ්ඩලයට අමාත්‍යවරුන් පෙන්වා දී ඇත.

ඒ අනුව සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීමට මෙයට පෙර පැවති යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව තවදුරටත් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.