වාහන කීපයක මිල වේගයෙන් පහළට

0
Vehicle Prices - වාහන කීපයක මිල වේගයෙන් පහළට

රට තුළ වාහන කීපයක මිල ගණන් වේගයෙන් පහළ බසිමින් පවතින බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ලංකාදීපයට පැවසීය.

පොලී අනුපාත ඉහළ යාම, වාහන අමතර කොටස් හිගය ඇතුළු කාරණා මත ඇතැම් වාහන වෙළඳ පොළ තුළ අඩු මිළට අළෙවි වන බවත් කුලතුංග මහතා කීවේය.

සුසුකි වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්, ටොයටා ඇක්සියෝ, ටොයටා ප්‍රිමියෝ, ටොයටා රයිස්, සී. එච්. ආර්, වෙසල්, ග්‍රේස් ඇතුලු මෝටර් රථ මෙලෙස වෙළඳ පොළ තුළ අඩු මිළට අළෙවි වන බවත් ඔහු පැවසීය.

නමුත් වාහන මිල පහළ ගිය ද අමතර කොටස් හා වාහන නඩත්තු ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇති බවද කුලතුංග මහතා තවදුරටත් කීවේය.