පැය 12ක විදුලි කප්පාදුවක් ගැන අනතුරු ඇඟවීමක්

0
Janaka Rathnayake - පැය 12ක විදුලි කප්පාදුවක් ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි දෙසැම්බර් මාසය වන විට ගල් අඟුරු තොග ගෙන ඒමට අවශ්‍ය ප්‍රතිපාදන සූදානම් නොකළහොත් පැය දොළහක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු වන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ මෑතක ඇති වූ වර්ෂාපතනය නිසා මේ දිනවල විදුලි උත්පාදනය වැඩි වශයෙන් ජල විදුලියෙන් සහ ගල් අඟුරු වලින් සිදුකරන බවයි.

කෙසේ නමුත් දෙසැම්බර් මාසය වෙද්දී ගල් අඟුරු ගෙන්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සූදානම් කළ යුතු බවත් ගල් අඟුරු ගෙන්වීමේ හැකියාව ඇත්තේ ඔක්තොම්බර් අප්‍රේල් මාස අතර කාලය තුළ පමණක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.