ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය අද

0
Kusal Perera Sri lankan cricket team caption - ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ඩකාහිදී අද

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ඩකාහිදී අද ආරම්භ වේ.

මෙම තරගාවලිය එක්දින තරග 03ක් ඇතුළත්ය.

කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වීමෙන් අනතුරුව සහභාගී වන පළමු තරගය මෙයයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඒක්දින තරග 48ක් පවත්වා ඇති අතර ඉන් තරග 39ක ජය ශ්‍රී ලංකාවටත් තරග 07ක ජය බංග්ලාදේශයත් හිමි කරගෙන තිබේ.

තරග 02ක් තීරණයක් නොමැතිව අවසන් වී තිබේ.

අද තරගය මෙරට වේලාවෙන් දහවල් 12යි 30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.