තවත් කොවිඩ් මරණ 44ක් මෙරටින් වාර්තා වේ

0
covid 19 deaths in sri lanka - කොවිඩ් මරණ 44ක්

කොවිඩ් -19 ආසාදනය වීමෙන් මෙරට තවත් කොවිඩ් මරණ 44ක් වාර්තා වී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

දිනක් තුළ වාර්තා වූ ඉහළම කොවිඩ් මරණ

එම සංඛ්‍යාව එක්දිනක් තුළ වාර්තා වු ඉහළම මරණ සංඛ්‍යාව ද වේ.

මැයි මස 2 වනදා සිට 20 වනදා දක්වා කාලය තුළ මියගිය පුද්ගලයන් පිළිබඳව කළ පරීක්ෂාවලදි එම තහවුරු කිරීම සිදුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව මෙරටදි මියගිය සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,132ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය පුද්ගලයින්ගෙන් 30 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර 14 දෙනෙක් කාන්තාවන් වේ.

මියගිය පුද්ගලයින්ගෙන් 23 දෙනෙකු වයස අවුරුදු 71 ඉක්මවුවන් බව සඳහන් ය.

අවුරුදු 61 – 70ත් අතර වයස් වල පසුවන්නන් 11 දෙනෙකු ද , වයස අවුරුදු 51 – 60ත් අතර 7 දෙනෙකු ද මියගිය පිරිසට අයත් වේ.

මීට අමතරව වයස 31 – 40ත් අතර දෙදෙනෙකු ද , වයස අවුරුදු 21 – 30ත් අතර එක්අයෙකු ද කොවිඩ් -19 වෛරසය වැලඳීමෙන් මියගිය බවට ඊයේ හඳුනාගෙන තිබේ.

ඔවුන්ගේ මරණවලට හේතුව කොවිඩ් නියුමෝනියාව, හෘද රෝග හා දියවැඩියාව වැනි නිදන්ගත සංකුලතා බව වාර්තා වේ.

මියගිය පුද්ගලයින් ඇටවීරගොල්ලෑව, හොරම්පැල්ල, අම්බලන්ගොඩ, කලල්ගොඩ, හිඳගල, බුලත්සිංහල, හොරණ, ගල්පාත, කුඩාවස්කඩුව, පිහිඹුව, අනුරාධපුරය, මන්නාරම, රත්ගම, ඉමදුව, මග්ගොන, මතුගම, වේයන්ගොඩ, අතුරුගිරිය, සෙවනගල, මල්ලෑව, කිරිමැටියාව, ඉහළ කටුනේරිය, මහනුවර, පරගස්තොට, උතුරු කළුතර, වලල්ලාවිට, බේරුවල, පයාගල, කොළඹ 12, කොළඹ 2, පොල්ගස්ඕවිට, ගාල්ල, නාක්කවත්ත, රාගම, පන්නිපිටිය, හෝමාගම, නාරංගොඩ, ගනේපොල, ගොකරැල්ල, අලහිටියාව, හිඳගොල්ල හා බණ්ඩාරකොස්සවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.

මේ අතර බස්නාහිර පළාතෙන් ඊයේ (21) දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 1,697 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,547ක් වන අතර ඉන් ආසාදිතයින් 9ක් විදේශගතව සිටි පැමිණි අයයි.

සෙසු ආසාදිතයින් 3,538 දෙනා දිවයිනේ දිස්ත්‍රික්ක 25න් ම වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ – https://newsweb.lk/ඊයේ-ආසාදිතයින්-වාර්තා-වු/

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/