ටෙලි නාට්‍යයක රූගත කිරීම් වලට මිහින්තලේට ගිය 11කට කොරෝනා

0
Covid 19 new cases - ටෙලි නාට්‍යයක රූගත කිරීම්

ටෙලි නාට්‍යයක රූගත කිරීමට ගොස් මිහින්තලේ අඹතලාගම ප්‍රදේශයේ පෞද්ගලික නිවාඩු නිකේතනයක ලැඟුම් ගෙන සිටි ටෙලි නාට්‍ය කණ්ඩායමක එකොළොස් දෙනකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බවට  තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

මිට දින කීපයකට පමණ පෙර රිවර්ස්ටන් ප්‍රදේශයේ රූ ගතකර මිහින්තලේ රු ගත කිරීම්වලට පැමිණ ඇති ටෙලි නාට්‍ය කණ්ඩායම පවත්නා තත්ත්වය හමුවේ අදාළ රු ගත කිරීම් සිදු කිරීමට නොහැකිව නැවත කොළඹ බලා පිටත්වීමට පෙර ඔවුන් පෞද්ගලික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කර ගෙන ඇත.

ඒ අනුව ඔවුන්ගෙන් එකොළොස් දෙනකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.