ඩොලර් ඇත්තේ සති දෙක හමාරකට පමණයි

0
Dollars Are Only Available for Two and Half Weeks - ඩොලර් ඇත්තේ සති දෙක හමාරකට පමණයි

ශ්‍රී ලංකාව සතුව ඇති දැනට ඇති විදේශ සංචිත අතරින් වහාම භාවිතා කළ හැකි ප්‍රමාණය ඩොලර් මිලියන 1100ක් පමණ වන බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා සඳහන් කරයි.

ඉදිරි වසරක ආනයන අවශ්‍යතා හා සැසඳීමේ දී එය ප්‍රමාණවත් වන්නේ සති දෙක හමාරකට පමණක් යැයිද ඒ මහතා පැවසීය.

ඉදිරි වසරේ මෙරට ආනයන අවශ්‍යතාවය ඇමරිකානු ඩොලර් බිලියන විසි තුනක් පමණ වන බව ද ඔහු පෙන්වා දෙයි.

මෙය ඉතිහාසයේ දරුණුතම විදේශ වත්කම් පහත වැටිමේ අවස්ථාව බවද කී ඔහු රජය මේ අවස්ථාවේ වූ වහාම රටේ තත්ත්වය විශ්ලේෂණය කරමින් ගත යුතු ඉදිරි පියවර ගැනීමට තිරණය කිරීම කළ යුතු බවද කියා සිටියේය.

මෙම මාසය ඇතුළත මෙරට මහා පරිමාණයෙන් විදේශ විනිමය නොලැබුණොත් රට ඉතා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව ද ඔහු පෙන්වා දෙයි.

රට පවතින තත්ත්වය අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට ද ප්‍රමාද වැඩි බව කී ඔහු චීනය ඇමරිකාව වැනි රටකින් ඩොලර් කෝටි 500ක පමණ විදේශ විනිමය සපයා ගැනීමට රජයට මේ අවස්ථාවේ සිදුවන බවද කියා සිටියේය.