තාත්තයි අම්මයි පුතයි දුම්රිය එන වේලාවත් අහලා.. දුම්රියේ ගැටී තිදෙනාම ජීවිතක්ෂයට පත්වෙයි…

0
Three Person Dead by Train Accident - තාත්තයි අම්මයි පුතයි දුම්රිය එන වේලාවත් අහලා.. දුම්රියේ ගැටී තිදෙනාම ජීවිතක්ෂයට පත්වෙයි...
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් පියා මව සහ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අද (08) උදෑසන 11.45 ට පමණ බව පොලිසිය සඳහන් කළා.

මෙම තිදෙනා දුම්රියේ ගැටී ඇත්තේ රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර 103 සැතපුම් කණුව අසලදීයි.

මස්කෙලිය සාමිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයට ළගා විමට ප්‍රථම එම තිදෙනා රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයින්ගෙන් දුම්රිය ධාවනය වන වේලාවන් අසා රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට වටවල දුම්රිය ස්ථානය දෙසට ගමන් කළ බව දුම්රිය ස්ථානයේ සේවකයෙකු සඳහන් කළ බව අප වාර්තාකරු සඳහන් කළා..

මෙම තිදෙනා දුම්රියට පැන සිය දිවි හානි කර ගත්තාද නැතහොත් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වුවාද යන්න පිළිබඳව වටවල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

දුම්රියේ ගැටී මිය ගිය ශාන්ත කුමාර් රාජ් මස්කෙලිය සාමිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට ඔහුගේ ජාතික හැඳුනුම්පතෙන් වටවල පොලිසිය තහවුරු කරගෙන තිබුණා.