අයවැය විවාදයේදී මුදල් ඇමති පාර්ලිමේන්තුවේ නැත්තේ ඇයි?

0
Ranil Wickramasinghe Statement in Parliament - අයවැය විවාදයේදී මුදල් ඇමති පාර්ලිමේන්තුවේ නැත්තේ ඇයි?

අද පාර්ලිමේන්තු සභාව ආරම්භයේදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අයවැය විවාදය සදහා මුදල් අමාත්‍යවරයා සහභාගී නොවී සිටීම සම්බන්ධයෙන් අදහස් පළ කලා.

ඕනෑම පාර්ලිමේන්තුවක අයවැය වැය ශීර්ෂ විවාදයට ගැණෙන කාල සීමාවේදී අයවැය ඉදිරිපත්කල මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

මේ අතර මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා අවුන්සාන් සුචී මහත්මියට එරට හමුදා අධිකරණය විසින් සිරදඩුවම් ලබාදීම සම්බ්න්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කලා.

වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියාසිටියේ මෙය මියන්මාර රාජ්‍යයේ අභ්‍යන්තර ගැටලුවක් බැවින් ඒ පිළිබද සොයා බැලීමේදී සීමා රැසක් පවතින බවයි.