ප්‍රියන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

0
The Main Suspect in the Murder of Sri Lankan Person has Been Arrested - ප්‍රියන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

පාකිස්තානයේ දී සාහසික ලෙස ප්‍රියන්ත කුමාර මහතාව ඝාතනයට ලක් කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධානතම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ ඉමිතියාස් හෙවත් බිල්ලි නැමැති එම පුද්ගලයා රාවල්පින්ඩි නගරය දක්වා බස් රථයක යමින් සිටියදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවය.

මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 26 දෙනෙකු දෙසැම්බර් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පාකිස්තානයේ ත්‍රස්ත විරෝධි විශේෂ අධිකරණය විසින් ඊයේ (06) නියෝග කරනු ලැබීය.

පාකිස්තානයේ සියල්කොට්හී ඇඟලුම් කම්හලක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර මහතා පසුගිය සිකුරාදා එම කම්හලේ පිරිසක් විසින් ඝාතනය කොට තිබුණි.