ගෑස් අනතුරකින් තුවාල ලබා ප්‍රථිකාර ලබමින් සිටි මවකට දිවි අහිමි වෙයි

0
Women Dead By Gas Accident in Matale - ගෑස් අනතුරකින් තුවාල ලබා ප්‍රථිකාර ලබමින් සිටි මවකට දිවි අහිමි වෙයි

පසුගිය 19 වැනිදා මාතලේ උඩුපිහිල්ල ප්‍රදේශයේ සිදුවූ ගෑස් අනතුරකින් රෝහල් ගතව ප්‍රථිකාර ලබමින් සිටි 69 හැවිරිදි මවක අද උදෑසන මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කලා.

පසුගිය 19 වැනිදා උදෑසන 5.30 ට පමණ මාතලේ උඩුපීල්ල ප්‍රදේශයේ නිවෙසක ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර සිදුව තිබුණා. අනතුරින් පසු රෝහල් ගතකල පසුව 50% පමණ පිලිස්සීම් තුවාල ඇති බව තහවුරු වීමෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටි එම කාන්තාව පසුගියදා සාමාන්‍ය වාට්ටුවකට යොමුකර තිබුණා.

නමුත් සම අභ්‍යන්තරයේ සිදුවූ තුවාල පැසවීම් හේතුවෙන් අද (06) උදෑසන ඇය මියගොස් තිබෙනවා.

අනතුර සිදුවූ දින පොලිස් පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ ස්ථාන පරීක්ෂාව සිදුකර තිබෙනවා. එමෙන්ම නිවැසියන් විසින් පාරිබෝගික සේවා අධිකාරියට පැමිණිලි ඉදිරිපත් කර ඇති බව සඳහන්.

පසුගියදා මාධ්‍ය ඔස්සේ අනාවරණය කෙරුනේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල ගන්ධයෙන් ගෑස් කාන්දුවක් හඳුනාගැනීමට යොදන රසායන ද්‍රව්‍යද වත්මනෙහි භාවිතා වන ගෑස් සිලින්ඩරවල අඩංගු කර නොමැති බවයි.