ඡන්ද දිනාගැනීමට මා ඇතුලු දේශපාලඥයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් විකුණාගෙන කෑවා

0
Dullas Alahapperuma Statement of Politicians - ඡන්ද දිනාගැනීමට මා ඇතුලු දේශපාලඥයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් විකුණාගෙන කෑවා

ඡන්ද දිනාගැනීම සදහා තමන් ද ඇතුලු මෙරට සියලු දේශපාලනඥයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සූරා කමින් සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මෙම ක්‍රියාවලිය නැවැත්වීමෙන් තොරව දේශපාලනඥයන්ට ඉදිරි ගමනක් නොමැති බවත් වත්මන් ආණ්ඩුව එම ක්‍රියාවලිය නවතා දැමීම සදහා උපරිම පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කලා.

ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පළ කලේ ඊයේ මාතර පැවති වැඩසටහනකට එක්වූ අවස්ථාවේදීයි.

මේ අතර පකිස්ථානයේ අන්තවාදීන් පිරිසක් විසින් මෙරට වැසියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කලා.

මෙම සිද්ධියට වගකිව යුත්තේ සුලු ආගමික අන්තවාදීන් පිරිසක් බැවින් සමස්ථ පකිස්ථාන පුරවැසියන් සමග වෛරයක් ඇතිකර නොගන්නා ලෙසද ඩලස් අලහප්පෙරුම මහතා ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියා.