ආරක්ෂාව තහවුරු කරන තෙක් පාර්ලිමේන්තු එන්නේ නැහැ

0
SJB to Parliament Will not Come Until Security is Ensured - ආරක්ෂාව තහවුරු කරන තෙක් පාර්ලිමේන්තු එන්නේ නැහැ

පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් සභාවට නොපැමිණීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ තීරණය කළේ ය.

ඒ, විපක්ෂ මන්ත්‍රී මනූෂ නානායක්කාර හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන් අතර ඇති වූ සංවාදයක් දුරදිග යෑමෙනි.

ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුව උණසුම් මුහුණුවරක් ගත්තේ ය.

ඒ ඊට පෙරදින පස්වරුවේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු අතර ඇතිවූ ගැටුම්කාරී තත්වය මුල්කර ගනිමිනි.

එදින පස්වරු 05න් පසුව විපක්ෂයට අයවැය විවාදයේ අදහස් දැක්වීමට කාලය ලබා දීමට ආණ්ඩු පක්ෂය විරුද්ධ වීමත් සමග දෙපිරිස අතර උණුසුම් තත්වයක් නිර්මාණය විය.

ඊයේ පාර්ලිමේන්තු ආරම්භයේදී යළිත් මේ ගැන සංවාදයක් ඇති විය.