පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

0
Today Weather Forecast - පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි
දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය ඉදිරි පැය කිහිපය තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇත.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.