ලාහුගල ප්‍රාදේශීය සභාවේ අයවැය පරදියි

0
ලාහුගල ප්‍රාදේශීය සභාවේ අයවැය පරදියි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ලාහුගල ප්‍රාදේශීය සභාවේ 2022 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 4කින් පරාජයට පත්ව තිබෙනවා.

ඒ අයවැයට විපක්ෂව ඡන්ද 11ක් ලැබීමත් සමගයි.

ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 7ක්.

ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ආර්. චන්ද්‍රසේන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඡන්දය විමසන අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ද අයවැයට එරෙහිව ඡන්දය භාවිතා කළ බවයි.