පිටකොටුවේ පිහිටි සුළු පරිමාණයේ ව්‍යාපාරික ස්ථාන වැසේ

0
Small business
පිටකොටුවේ පිහිටි සුළු පරිමාණයේ ව්‍යාපාරික ස්ථාන 45%ක් පමණ මේ වන විට වසා දමා ඇති බව එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ සංගමය පවසනවා.

වෙළෙදාම අඩුකම, සේවක පඩි නඩි ගෙවීමේ අපහසුතා ඇතුළු තවත් කරුණු හේතුවෙන් මෙලෙස සුළු පරිමාණයේ ව්‍යාපාරික ස්ථාන වසා දමා ඇති බවයි එම වෙළෙඳ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.