කෝවිඩ් – 19 මර්දන එන්නත මෙරටදීම නිෂ්පාදනයට

0
Covid 19 Vaccine - කෝවිඩ් - 19 මර්දන එන්නත

කෝවිඩ් – 19 මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත.

ඒ සඳහා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට  විශේෂ කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව,සිනොවැක් බයෝටෙක් සහ කෙලුන් ලයිෆ්සයන්සස් සහ පුද්ගලික සමාගම එක්ව කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට එමගින් යෝජනා කර ඇත .