මේ දිනවල පස්වරුවේ ලංකාවට ඉහළ අහසේ දිස්වෙන ග්‍රහයෝ (වීඩියෝ)

0
මේ දිනවල පස්වරුවේ ලංකාවට ඉහළ අහසේ දිස්වෙන ග්‍රහයෝ (වීඩියෝ
ශ්‍රී ලංකාවාසීන්ට මේ දිනවල බ්‍රහස්පති, සෙනසුරු සහ සිකුරු ග්‍රහයින් ඉහළ අහසේ ඉතා පැහැදිලිව දැකබලා ගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

මහාචාර්යවරයා පවසන්නේ ඉර බැසයාමෙන් පසු බටහිර අහසේ පැය දෙකහාමරක කාලය ඇතුළත මෙම ග්‍රහයින් තුන එක පෙළට දැකබලා ගත හැකි බවයි.

මේ අතර වසර 600 කින් පමණ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද දිනය දී දිස් වෙනවා.

එහි දී චන්ද්‍රයාගේ මුහුණත 99%කින් රත් පැහැගැන්වෙනු ඇති බවයි අභ්‍යවකාශ විශේෂඥයි පවසන්නේ.

මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකා වේලාවෙන් අද (19) පෙරවරු 11.32ට ආරම්භ වී පැය 06යි විනාඩි 01ක කාලයක් පවතිනු ඇති බවයි නාසා ආයතනය ප්‍රකාශ කළේ.