දිස්ත්‍රික් 5ක කොවිඩ් පොකුරු අවදානමක්

0
දිස්ත්‍රික් 5ක කොවිඩ් පොකුරු අවදානමක්
හැකිතාක් දුරට මහජන ඒකරාශීවීම්වලින් වැළකී ඉන්න දිස්ත්‍රික්ක 05කින් යළි කොවිඩ් ආසාදිතයන්ගේ පොකුරු නිර්මාණයවීමේ අවදානක් උද්ගතවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

එම නිසා මෙම සති අන්තයේ විනෝද චාරිකා ඇතුළු අනවශ්‍ය සංචරණවලින් වළකින ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

‘‘අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් කොවිඩ් පොකුරු ඇතිවන ප්‍රවණතාවක් අපි නිරීක්ෂණය කරලා තියෙනවා.

ඒ හුඟක් තැන්වල උත්සව, මඟුල්ගෙවල්, පිංකම් ආශ්‍රිතව මහජන ඒකරාශිවීම් වාර්තා වෙනවා. එවැනි තත්ත්වයන් යටතේ කොවිඩ් පොකුරු ඇතිවීම වළක්වන්න බැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ හැකිතාක් දුරට මහජන ඒකරාශීවීම්වලින් වැළකී ඉන්න කියලා.’’ යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.