මිකී ආතර්ගේ මීළඟ තනතුර

0
Mickey Arthur New Role in Cricket - මිකී ආතර්ගේ මීළඟ තනතුර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව සිය තනතුරට සමුදීමට නියමිතය.

ඒ ඔහුගේ කොන්ත්‍රාත්තුව නිමවීම හේතුවෙනි.

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම ට සේවය කිරීමට කැමැත්තෙන් සිටියද ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වර්තා වෙයි.

පසුගිය වසර තුළ කොවිඩ් වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද මිකී ආතර් මෙරට සිටිමින් ශ්‍රී ලංකා යෞවන ක්‍රීඩකයින්ව ඉදිරියට ගෙන ඒමට ක්‍රියා කළ බව ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති.

මේ අතර, ඔහුගේ මීළඟ වගකීම ගැන විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ඔහු එංගලන්ත ඩර්බිෂයර් ප්‍රාන්තයේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස පත්කර තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකෙන් අනතුරුව ඔහු මෙරටින් නික්මයාමට නියමිතය.