පනාමුර ගම්මු ආවේගශීලිව පොලිසිය ඉදිරිපිට

0
බිරිඳගේ පැමිණිල්ලට ගෙනා සැමියා සිර කුටියේ මරුට – ගම්මු ආවේගශීලිව පොලිසිය ඉදිරිපිට

පනාමුර පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයෙකු අද (17) පෙරවරුවේ මියගොස් තිබෙනවා.

තමන්ට හා දියණියට පහර දෙන බව පවසා මියගිය අයගේ බිරිඳ පොලීසියට කළ දැනුම් දීමකට අනුව ඊයේ (16) රාත්‍රී ඔහුව අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා සිට ඇති අතර පසුව ගෙල වැළලාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙසේ මියගොස් ඇත්තේ පනාමුර වැලිපොත යාය පදිංචි කරලහින්ගේ ඉන්දික ජයරත්න නම් අයෙකි.

මෙම පුද්ගලයාගේ මරණය සැකසහිත බව පවසමින් දහසකට අධික පිරිසක් මේ වනවිට පොලිසිය අසළට රැස්ව විරෝධය දක්වන අතර ඔවුන් පොලිස් ස්ථානයට ඇතුළු වීමේ සුදානමක් ඇති බවයි.

එම ස්ථානයේ ඡායාරූප පහතින් දැක්වෙනවා.