මෛත්‍රීට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි

0
මෛත්‍රීට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු විත්තිකරුවන් 12 දෙනෙකු සදහා ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ගාමිණී අමරසේකර සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවරුන් ඉවත් වී තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය , එස් තුරෛයිරාජා, බුවනෙක අලුවිහාරේ , මුර්දු ප්‍රනාන්දු ,එල් එම් ටී බී දෙහිදෙණිය , ප්‍රියන්ත ජයවර්ධන සහ ගාමිණී අමරසේකර යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාග කිරීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් අදාළ පෙත්සම් විභාග කිරීම ලබන වසරේ මාර්තු 14 15 16 සහ 18 යන දිනවලදී සිදුකෙරෙනු ඇති.

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීමෙන් ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කතෝලික පියතුමන්ලා සහ පීඩාවට පත් පවුල්වල සාමාජිකයින් ඇතුළු 12 දෙනෙක් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා.