‘මන්ත්‍රී බන්දුල’ ලියූ ආර්ථික පොතකින් ‘ඇමැති බන්දුලට’ ප්‍රහාරයක්…

0
Minister Bandula Gunawardana - ‘මන්ත්‍රී බන්දුල’ ලියූ ආර්ථික පොතකින් ‘ඇමැති බන්දුලට’ ප්‍රහාරයක්...
2015 යහපාලන රජය සමයේ බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික ය සම්බන්ධයෙන් රචනා කරන ලද පොතක් උපුටා දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සිය අයවැය කතාව ආරම්භ කරද්දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සභා ගැබෙන් නික්ම යන ආකාරයක් දැකගන්නට ලැබිණ.

එහිදී බන්දුල ගුණවර්ධන මහතා ජනතාව පීඩාවට පත් කරන ආකාරය පිළිබදව විග්‍රහ කර තිබූ අතර රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ එම විග්‍රහය අද දවසට හරියටම ගැලපෙන බවකි.

එසේ වුවත් බන්දුල ගුණවර්ධන මහතා අද එය නොකියන බවත්, අමුතු ආර්ථික විද්‍යාවක් අද එතුමා ප්‍රකාශ කරන බවත් ඒ මහතා කීය.