අද දිනයේත් පළාත් කිහිපයකට වැසි

0
Today Weather Forecast - අද දිනයේත් පළාත් කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ දී විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

උතුරු පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

ඌව පළාතෙත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (12) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50 පමණ තද සුළං ඇතිවිය හැකියි.