ප්‍රබල එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් මහ මූද මැදදී කොටුවේ

0
fierce tiger - දරුණු කොටියෙක් මහ මූද මැදදී කොටුවේ
මීගමුවෙන් බහුදින යාත්‍රාවක නැගී කැනඩාව බලා යමින් සිටි පිරිසක් අතර සිටි ප්‍රබල එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුත්තුසාමි රාජ්කුමාර නොහොත් කන්නන් නැතහොත් උත්තමන් නැමැති එම එල්.ටී.ටී.ඊ.යේ ප්‍රබලයා යුද සමයේදී සිවිල් සහ හමුදා සාමාජිකයන් ඉලක්කරමින් කළ පිපිරවීම් රැසකට සම්බන්ධ අයෙක් බව විශේෂ කාර්යාංශයේ හලාවත ඒකකයේ නිලධාරීන් විසින් හදුනාගෙන ඇත.

නාවික හමුදාවේ සාමාජිකයින් සියයකට වැඩි පිරිසකට ජීවිත හානිකරමින් දිගම්පතන දී එල්ලකල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, දඹුල්ල බස් නැවතුම් පොලදී මගී බස් රථයක බෝම්බ අටවා පුුපුරවා හැරීම, පොල්ගොල්ලේදී මගී බස් රථයක තැබූ බෝම්බක් පුපුරවා හැරීම, ඇතුළු මාතලේ සහ මහනුවර පිහිටි ට්‍රාන්ස්පෝමර් කිහිපයක් පුපුරවා හැරීමට මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයා සම්බන්ධ බව හෙළිවී තිබේ.

මෙම එල්.ටී.ටී.ඊ.යේ ප්‍රබලයා උකුවෙල පදිංචිකරුවෙක් බවත් ඔහු මේ වන විට වත්තල ප්‍රදේශයේ සිට ඇති බවත් අනාවරණය වී තිබේ.

මෙම එල්.ටී.ටී.ඊ. ප්‍රබලයා ඇතුළු පිරිස ඉකුත් 05 වෙනිදා මීගමුවෙන් බහුදින යාත්‍රාවක නැගී කැනඩාව බලා ගමන් කර ඇති අතර ඉන්දියානු සීමාවේදී නෞකාවකට මෙම පිරිස ඇතුළු කිරීමේ සූදානමක් තිබී ඇත.

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අදාල නෞකාව නොපැමිණීම නිසා ඔවුන්ට දින කිහිපයක් මුහුදේ ගතකිරීමට සිදුව ඇත.

පසුව ඔවුන්ගේ කැමැත්තෙන්ම කුඩා බෝට්ටුවලින් නැවත ගොඩබිමට පැමිණි අවස්ථාවේදී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මීගමුවෙන් ගමන් කළ බහුදින යාත්‍රාව ආරක්ෂක අංශ භාරයට ගෙන දික්ඕවිට වරායේ වෙරළාරක්ෂක බලකායේ ආරක්ෂාක යටතේ පවතී

එම යාත්‍රාව වෙන්නප්පුව නයිනමඩමේ පුද්ගලයෙකුට අයත් එකක් බව අනාවරණය වී ඇත.