ලංගම පවත්වාගෙන යන්න සල්ලි නැහැ

0
SLTB loss - ලංගම පවත්වාගෙන යන්න සල්ලි නැහැ
නොවැම්බර්-දෙසැම්බර්වලට ලංගම පවත්වාගෙන යන්න සල්ලි නැහැ සංචරණ සීමා සහ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව කටයුතු කර බස් රථ ධාවනය කිරීම නිසා ලංකා ගමනාගමන මණ්ඩලය මෙම වසරේදී රුපියල් මිලියන 484ක පාඩුවක් ලබා ඇත.

එම නිසා නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ලංකා ගමනාගමන මණ්ඩලය පවත්වා ගෙන යාමට අරමුදල් නොමැතිව අසීරුතාවට පත්ව ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි. එම මාස දෙක සඳහා අවශ්‍ය රුපියල් මිලියන 1912 ක මුදලක් ප්‍රවාහන අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබේ.

2021 වර්ෂයේ ආදායම සහ වියදම අතර හිඟය රුපියල් මිලියන 1684ක් ලෙසද ලංකා ගමනාගමන මණ්ඩලය වාර්තා කර ඇත. හිඟ කල් බදු ගෙවීම සඳහා රුපියල් මිලියන 228ක් තිබේ. 2021 වර්ෂයේ ආර්ථික ලාභයක් නොමැති මාර්ගවල ධාවනය සඳහා වන සහනාධාරය ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය රුපියල් මිලියන 9241 ක් ඉල්ලා තිබේ. එහෙත් අනුමත වී ඇත්තේ රුපියල් මිලියන 5300කි. සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ බස් රථ ධාවනය කිරීම නිසා දිවයින පුරා පිහිටි සියලු මාර්ග ආර්ථික වශයෙන් ලාභ නොලැබූ මාර්ග ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලය හඳුනාගෙන තිබේ.

මේ අතර ගමනාගමන මණ්ඩලය සතු බස් රථවල ටයර් කට්ටල අලුතෙන් සවි කිරීම සඳහා ටයර් කට්ටලල 21600ක් දේශීය සමාගමකින් ලබා ගැනීමටද තීරණය කර ඇත.