තවත් කොරෝනා මරණ 43ක් වාර්තා වෙයි

1
Covid Deaths in Sri Lanka Yesterday - තවත් කොරෝනා මරණ 43ක් වාර්තා වෙයි
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 43ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03) තහවුරු කළ මෙම මරණ 43ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,102ක් ලෙසටයි.

මෙම මරණ අතර කාන්තාවන් 19ක් සහ පිරිමි පුද්ගලයන් 24ක් වනවා.

ඊයේ තහවුරු කළ මරණ අතර වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තා වන්නේ නැහැ.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 12ක් තහවුරු වී ඇති අතර ඒ පිරිමි 10ක් සහ කාන්තාවන් 02ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි කාන්තාවන් 17ක් සහ පිරිමි 14ක් මියගිය පිරිස අතර වනවා.