සිසුන් 200ට අඩු පාසල් ආරම්භ කිරීමට සූදානම්

0
Some Schools Redy to Open - සිසුන් 200ට අඩු පාසල් ආරම්භ කිරීමට සූදානම්
සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි, සිසුන් 100ට අඩු පාසල්වල සියළුම ශ්‍රේණි හා තවත් තෝරා ගත් නිර්ණායක කිහිපයක් යටතේ පාසල් 3000ක් පමණ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යවරයා සහ සියළුම පළාත් ආණ්ඩුකාරවරුන් අතර ඊයේ පැවති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව යටිතල පහසුකම් සැපයීම පිළිබදව ආණ්ඩුකාරවරුන් විශේෂ අවදානයක් ද එම සාකච්ඡාවේදී යොමු කර තිබෙනවා.