මෙරට හිටපු අමාත්‍යවරියකගේ නමත් පැන්ඩෝරා ලේඛණවල සටහන් වෙයි

0
Sri Lanka former Minister Name in Pandora Papers - මෙරට හිටපු අමාත්‍යවරියකගේ නමත් පැන්ඩෝරා ලේඛණවල සටහන් වෙයි

ලොව පුරා සිටින රාජ්‍ය නායකයින්, දේශපානඥයින්, ධනවතුන් සහ බලවත් පුද්ගලයින් විසින් සිය අනන්‍යතාවය සගවමින් සිදුකරනු ලැබු මුදල් විශුද්ධිකරණ සිදුවීම් සම්බන්ධයෙන් ගවේෂණාත්මක හෙළිදරව් කිරීමක් සිදුකිරීමට අමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටි ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය සමත්ව තිබෙනවා.

මිලියන 12 කට අධික ලේඛණවලින් යුක්ත මෙම හෙළිදරව් කිරිම පැන්ඩෝරා පත්‍ර යනුවෙනුයි නම් කර ඇත්තේ.

මෙලෙස නිකුත් කර ඇති ලේඛණවලට ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියකගේ නමද ඇතුලත්.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, මෙම ලිපි ගොනුවල වත්මන් සහ හිටපු නායකයින් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන් 300 කට වැඩි සංඛ්‍යාවකගේ නම් ඇතුළත් බවයි.

අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ දේපළ පවුම් මිලියන 70 ක් රහසිගතව එකතු කර ගත් ජෝර්දානයේ රජු පිළිබඳව ද පැන්ඩෝරා ලේඛන මගින් තොරතුරු හෙළි කර තිබෙනවා.

මේ අතර හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ ලන්ඩන්හි කාර්යාලයක් මිලදී ගැනීමේදී මුද්දර ගාස්තු වශයෙන් පවුම් 312,000 ක් ඉතිරි කළ ආකාරය පිළිබඳව ද මෙම ලේඛන මගින් පෙන්වා දී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කලා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ රහසිගත දේපළ මොනාකෝ රාජ්‍යයේ ඇති බවත් මෙමගින් වැඩිදුරටත් අනාවරණ කර තිබෙනවා.