ගඳ සුවඳ නොදැනීමට ප්‍රතිකාරයක්

0
Medicine for After Covid - ගඳ සුවඳ නොදැනීමට ප්‍රතිකාරයක්

කොවිඩ් 19 වෛරසයට ගොදුරු වීමෙන් අනතුරුව ගඳ සුවඳ නොදැනී යාම හෝ එහි අඩුවක් දැනෙන්නේ නම් ඊට ප්‍රතිකාරයක් වශයෙන් නාස් පුඩු තුළට විටමින් සී දියරය යොදා ගැනීමේ හැකියාවක් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

මේ පිළිබඳව සති 12 ක පමණ කාලයක් බි්‍රතාන්‍යයේ ඊස්ට් ඈන්ග්ලියා විශ්වවිද්‍යාලය විසින් දියත් කර තිබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම මෙම පර්යේෂණය අතරතුර අත්හදා බැලීමට යොදා ගත් රෝගීන්ගේ මොළයේ පවතින ස්නායු ස්කෑන් පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ හානියට පත්ව ඇති ස්නායු විටමින් සී ප්‍රතිකාරය මඟින් යථාතත්ත්වයට පත්කළ හැකි ද යන්නයි.

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවකදී වුවද ගඳ සුවඳ නොදැනීම අඩු වීම හෝ වෙනස්වීම සිදුවිය හැකි නමුත් එය කොවිඩ් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයක් බවට මේ වන විට පත්ව තිබෙනවා.