අද කොවිඩ් ආසාදිතයින් 1,300 ඉක්මවයි

0
Covid New Cases in Sri Lanka Today - අද කොවිඩ් ආසාදිතයින් 1,300 ඉක්මවයි
තවත් කොවිඩ් ආසාදිතයින් 409 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,332කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 511,372ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 950 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 452,692ක් දක්වා ඉහළගොස් තිබේ.

මෙරටින් තවත් කොවිඩ් මරණ 82ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,530ක් ලෙසටයි.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.