ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරග පාවා දීමේ පුවත ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි

0
Sri Lanka Cricket Press Release about Match betrayal - ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරග පාවා දීමේ පුවත ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරයි

දකුණු අප්‍රිකාවට එරෛහි පන්දුවාර 20 තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන් සිතා මතා අඩු දක්ෂතා දැක්වූ බවට ඇතැමුන් නගා ඇති චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරනවා.

කණ්ඩායම් කළමණාකාරීත්වයෙන් හෝ එවැනි කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ.

පන්දුවාර 20 තරගාවලියට ක්‍රීඩා කලේද එක්දින තරගාවලියට ක්‍රීඩා කල කණ්ඩායමම බවත් එහිදී ශ්‍රී ලංකාවට 2 ට 1 ක තරගාවලි ජයක් හිමිවූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයට සූදානම් වන අවස්ථාවක මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ සිදුකරමින් ක්‍රීඩකයන්ගේ මානසික තත්වයට බලපෑම් නොකරන ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම පාර්ශවයකින්ම ඉල්ලා සිටින්නේ.