කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවධානමක්

0
sri lanka flood - ගං වතුර අවධානමක්

කැළණි ගංගා ද්‍රෝණියේ පහත්‌ බිම්‌ ප්‍රදේශ වල ඉදිරි පැය කිහිපය තුළ සුළු ගං වතුර අවධානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ඒ අනූව දෙහිඹ්විට, රුවන්වැල්ල, දොම්පෙ, සීතාවක, කඩුවෙල, බියගම, කොලොන්නාව, වත්තල, කොළඹ යන ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශ වල කැළණි ගංගාව ආශ්‍රිත පහත්‌ බිම්‌ වල සුළු ගං වතුර තත්වයක්‌ ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්.

එම ප්‍රදේශවල පහත්‌ බිම්‌ වල පදිංචි ජනතාවට හා මාර්ග භාවිතා කරන්නන්ට දැඩි අවධානයෙන්‌ පසුවන ලෙසත්‌ ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එහි සඳහන් වන්නේ.

එම නිවේදනය පහතින්,