මුදල් ඇමති බැසිල් ඇලඩින්ගේ පුදුම පහන වගේ විප්ලවීය අයවැයක් ගේනවා

0
SM Chandrasena Statement of New Budget - මුදල් ඇමති බැසිල් ඇලඩින්ගේ පුදුම පහන වගේ විප්ලවීය අයවැයක් ගේනවා

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන නොවැම්බර් මාසයේදී ඇලඩින්ගේ පුදුම පහන වැනි ඉතා හොඳ අයවැයක් ගෙන එන බව ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය.

තමන් එය ඉතාම විශ්වාසයෙන් සහ වගකීමෙන් යුතුව පවසන බවද අමාත්‍යවරයා පවසයි.

එය කිසිවෙකු නොසිතන, විප්ලවීය ආකාරයේ අය වැය වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී මාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.