මෙරට කොවිඩ් මරණ එකොළොස් දහස ඉක්මවයි

1
Covid Deaths in Sri Lanka Yesterday - මෙරට කොවිඩ් මරණ එකොළොස් දහස ඉක්මවයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය හේතුවෙන් මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව අද එකොළොස් දහසේ සීමාව ඉක්මවා ගියා.

ඒ අද දිනයේ තවත් මරණ 157ක් වාර්තා කිරීමත් සමගයි.

මේ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නෙ 11152ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (10) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 87ක් සහ පිරිමි පුද්ගලයන් 70ක් වනවා.

අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ මරණ 04ක් වාර්තාවී ඇති අතර ඒ පිරිමි 01ක් සහ කාන්තාවන් 03ක් වශයෙන්.

අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 23ක් ඊයේ තහවුරු කළ මරණ අතර වනවා.

ඒ කාන්තාවන් 17ක් සහ පිරිමි 06ක් ලෙසටයි.

අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩයේ මරණ 130ක් වන අතර ඒ කාන්තාවන් 67ක් සහ පිරිමි පුද්ගලයන් 63ක් වශයෙන්.