සමිඳුණි අවසරයි යන්නට ගමට මට

0
Nadungamuwe Raja Come Back Home - සමිඳුණි අවසරයි යන්නට ගමට මට

ඓතිහාසික ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීම සඳහා ඉකුත් අගෝස්තු මස 12 වැනි දින මහනුවරට පැමිණි නැදුන්ගමුවේ රාජා හස්තියා අද (01) නැවතත් සිය ගම්බිම් බලා පිටත්වීමට සඳහා දළදා මාළිගාව පරිශ්‍රයෙන් ගමන් ඇරඹීය.

අද (01) පෙරවරු 09 .30 ට දළදා මාලිගාවේ පත්තිරිප්පුව ඉදිරිපිටට පැමිණි නැදුන්ගමුවේ රාජා හස්තියා දළදා සමිඳුන්ට වැඳ නමස්කාර කිරීමෙන් අනතුරුව සිය ගමන ආරම්භ කළේය.

නැදුන්ගමුවේ රාජා හස්තියාගේ ගමනාන්තය දක්වා විශේෂ කාර්ය බලකායේ විශේෂ ඒකකයක ආරක්ෂාව ලැබෙන අතර හස්තියාගේ පළමු ගමනාන්තය වන්නේ පිළිමතලාව ඌරාපොල රජමහා විහාරයයි.