අනාගතයේදී සිදුවන ආණ්ඩු පෙරළියක් ගැන අනාවැකියක්

0
Palitha Range Bandara Statement - අනාගතයේදී සිදුවන ආණ්ඩු පෙරළියක් ගැන අනාවැකියක්

2023 වසර වන විට රනිල් වික්‍රමසිංහ මහතාට රට බාර දී ආණ්ඩුවට පල්ලම් බසින්නට සිදු වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

දැන් පොහොට්ටුව වැඩිපුරම එපා වී ඇත්තේ පොහොට්ටුවේ උදවියට බව කී රංගේ බණ්ඩාර මහතා 69 ලක්ෂය දැන් එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් වඩා රනිල්ගේ ගුණ කියන්නට පටන් ගෙන තිබෙන බවද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් ක්‍රියාකාරීන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවැති හමුවකට සහභාගී වෙමින් රංගේ බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ උදවිය සමග පොර බදන්නට කිසිදු උවමනාවක් නැති බව කී එජාප මහලේකම්වරයා එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිය කාටවත් අනාගතයක් තිබුණේ නැති බව ද සිහිපත් කළේය.

(lankadeepa.lk වෙබ් අඩවිය ඇසුරිනි)