ගතවූ දිනයේ මෙරට කොවිඩ් 19 වැඩිම ආසාදිතයින් පිලියන්දලින්

0
Covid 19 new cases in sri lanka - වැඩිම ආසාදිතයින් පිලියන්දලින්

ගතවූ පැය 24තුළ ආසාදිතයින් 2429ක් වාර්තා වීඇත.

ඉන් වැඩිම පිරිසක්  කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර ආසාදිතයින් 413කි.

කොළඹ වැඩිම ආසාදිතයින් පිලියන්දලින්

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිලියන්දලින් වාර්තා වන අතර එම ප්‍රදේශයෙන් වාර්තා වන ආසාදිතයින් ගණන 146කි.

කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවල ආසාදිතයින් පහළ සංඛ්‍යාවක් සිටීමත් විශේෂත්වයකි .

ඒ අනුව වැඩිම දෙවැනි පිරිස සිටින්නේ  නාරාහේන්පිට වන අතර එම සංඛ්‍යාව 24කි.

ගම්පහ දිස්ත්‍රික්කයේ 332ක් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ බියගම 87ක් ,කටුනායක  39ක් ද වශයෙනි.

සෙසු ප්‍රදේශ වලින් ඊට අඩු පිරිසක් වාර්තාවී ඇත.

පානදුර දකුණ 88, හොරණ 74 ලෙස කලුතර දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන ප්‍රදේශ සටහන් වේ.කලුතර සමස්තය 370කි.

මීට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ආසාදිතයින් වාර්තා වීම ඉතා පහළ වේ.

දෙහිඅත්තකණ්ඩිය සහ වැලිගමින් ආසාදිතයින් 52බැගින් වාර්තා වී ඇති අතර අනෙකුත් ප්‍රදේශවල ආසාදිතයින් වාර්තා වීම ඊට අඩුය.

මේ අතර, ඊයේ (12) දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් 19 මරණ 18ක් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ තහවුරු කළ මරණ වදුරඹ, ඉමදූව, වලස්මුල්ල, මතුගම,මැල්සිරිපුර, කුරුණෑගල ,අලව්ව, මොරන්තුඩුව, ඕමල්පේ, ඇඹිලිපිටිය, හල්දඩුවන, කන්දේගෙදර, පස්සර, කොළඹ 05, වව්නියාව, තල්ගස්වල සහ බේරුවල යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින් පිළිබඳ විස්තරhttps://newsweb.lk/කොවිඩ්-19-මරණ/

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/