ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී 100 ඉක්මවු තද වැසි

0
Today Weather Forecast - ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී 100 ඉක්මවු තද වැසි

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇතිවේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතේත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින්විට පැ.කි.මී. 40ත් 50ත් දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.