ගසක ගැටුණු ත්‍රීවීලරය ළමුන් දෙදෙනෙක්ව බිළි ගනී

0
Threewheel Accident in Hambegamuwa - ගසක ගැටුණු ත්‍රීවීලරය ළමුන් දෙදෙනෙක්ව බිළි ගනී

හම්බෙගමුව මයිලවල ප්‍රදේශයේදී සිදුවූ ත්‍රීවීලර රථ අනතුරකින් පිරිමි ළමුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ඊයේ සවස මෙම අනතුර සිදුවී ඇත්තේ වේලිඔය දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථයක් රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන්.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරා සහ පිටුපස ගමන් කළ ළමුන් දෙදෙනෙකු එහිදී බරපතල තුවාල ලැබුවා.

තුවාලකරුවන් හම්බෙගමුව රෝහලට ඇතුලත් කළ අතර ත්‍රී රෝද රථයේ පිටුපස ගමන් කළ දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ.

අවුරුදු 16 සහ 17 වයස්වල පසුවන ළමුන් දෙදෙනා කොටවෙහෙරමංකඩ සහ හම්බෙගමුව ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෘත ශරීර ඇඹිලිපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර හම්බෙගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.