අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට අවසර පත්‍ර ගතයුතු ආකාරය

0
Permit in Lockdown time Diuration - අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට අවසර පත්‍ර ගතයුතු ආකාරය

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙළෙඳුන්ට අවසර හිමිවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (20) පෙරවරුවේ පිටකොටුව තොඟ වෙළෙඳ සංකිර්ණයේ කටයුතු නිරික්ෂණය කිරිමේ අවස්ථාවට සහභාගි වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවශ්‍ය අවසර පත් අදාළ පොලිස් ස්ථානවලින් ලබාගැනීමේ හැකියාව පවතින බවය.

කෙසේවෙතත් තොඟ වෙළෙඳාම සඳහා අද දිනයේ මැනිං වෙළෙඳපොළ විවෘත කර තිබුණද නිසි දැනුවත් කිරිමක් සිදුනොවීම හේතුවෙන් වෙළෙඳුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවැති බව මැනිං පොදු වෙළෙඳ සංගමයේ ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.

මේ අතර පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳසැලේ තොඟ වෙළෙඳාම් කටයුතු ද නිරෝධායන ඇඳිරිනීති කාලසීමාවේ ක්‍රියාත්මක බව එහි ව්‍යාපාරික සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා පැවසීය.