කොළඹ මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 324කට කොවිඩ් ආසාදිතයි

0
Current Covid Situation in Colombo Hospital - කොළඹ මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 324කට කොවිඩ් ආසාදිතයි

කොළඹ ජාතික රෝහලේ හෙද-හෙදියන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 324 දෙනකුට කොවිඩ් ආසාදිත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා පැවසීය.

ඊයේ නිකුත් කෙරුණු පරීක්‍ෂණ වාර්තා අනුව මේ බව හෙළිවී තිබේ.

කොවිඩ් ආසාදිතයන් අතර වෛද්‍යවරුන් 27 දෙනෙකු ද, හෙද – හෙදියන් 105 දෙනකු ද, රෝහල් කනිෂ්ඨ කාර්ය සහායකයින් 133 දෙනකු ද වන බව හෙළිවී තිබේ.

දැනටමත් රෝහල් වාට්ටු 14 ක කොවිඩ් රෝගීන් 700 ක් පමණ පිරිසක් ප‍්‍රතිකාර ලබමින් සිටින බව ද ඒ මහතා කීය.

මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා මෙසේද කීය.

“කොළඹ ජාතික රෝහලේ දැන් දැඩි අවදානමක් තියෙන්නේ. කොවිඩ් පටන්ගත් දවසේ ඉඳලා මේ දක්වා කාලයේදී රෝහල් කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ආසාදිතයන් බවට පත්වෙලා තියෙනවා. දැන් මේ කොවිඩ් රෝගීන්ගෙන් ජාතික රෝහල පිරීයෑම නිසා අනෙකුත් රෝග සඳහා ප‍්‍රතිකාර ගන්න රෝගීන්ටත් කොවිඩ් වැළඳීමේ අවදානමක් මතුවෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් කාර්ය මණ්ඩලයට කොවිඩ් වැළඳීම නිසා අනෙකුත් කාර්ය මණ්ඩලවලට වැඩ වැඩිවීමෙන් ඒ අය හෙම්බත්වෙලයි ඉන්නේ. අපි කියන්නේ මේ රෝහලේ කොවිඩ් රෝගීන් මාලබේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට සහ දෙමටගොඩ කොවිඩ් අතරමැදි මධ්‍යස්ථානයට ඇතුළත් කරලා ප‍්‍රමාණය අඩුකරන්න කියලයි. මාලබේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ ඇඳන් 1000 ක් තියෙනවා. මෙහෙම ගියොත් ජාතික රෝහලත් කොවිඩ් රෝහලක් වෙයි. අනෙකුත් ප‍්‍රතිකාර ගන්න එන අය නිවෙස්වලම මැරෙන තත්ත්වයක් ඒවි.”

(divaina.lk වෙබ් අඩවිය ඇසුරිනි)