හිටපු ඇමති මංගලගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්

0
Mangala Samaraweera Recovery - හිටපු ඇමති මංගලගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්

කොවිඩ් ආසාදිත ව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මිය ගිය බවට වන පුවතක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

නමුත් මෙම පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි, විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු අමාත්‍යවරයා ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ නමුත්, මේ වනවිට ඔහු සුව වෙමින් සිටින බවයි.