චමුදිතට එරෙහිව චන්දිමාල් – පියුමි උසාවි යයි

1
Chandimal and Piyumi - චමුදිතට එරෙහිව චන්දිමාල් - පියුමි උසාවි යයි
නිරෝධායන නීති උල්ලංගනය කරමින්, ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයට සහභාගී වුණු ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, නිරූපිකා පියුමි හංසමාලි ඇතුළු රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින් සිටින සෙසු 14 දෙනා, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට එරෙහිව නීතිමගින් ක්‍රියා කිරීමට පියවර ගෙන ඇතැයි චන්දිමාල් ජයසිංහගේ නීතීඥවරුන් ‘ඩේලි මිරර්’ සමඟ පවසා ඇත.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම උසාවියට අපහාස කළ බවත්, පසුගියදා ‘යූ ටියුබ්’ වැඩසටහනකට මුහුණු ආවරණයක් නොපැලඳ සහභාගී වී නිරෝධායන නීති කඩ කළ බවත් එම නීතීඥවරු පෙන්වා දෙති.

චමුදිත සමරවික්‍රම,අධිකරණය විවේචනය කළ බවත් අධිකරණයට අපහාස කළ බවත්, ඔහු මුහුණු ආවරණයක් නොමැතිව යූ ටියුබ් වැඩසටහනකට සහභාගී වීම, නිරෝධායන නීති උල්ලංඝනය කිරීමක් බවත්, චමුදිත සමරවික්‍රමට ද නීතිය සමාන විය යුතු බවත් චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකා පියුමි හංසමාලි දෙදෙනාගේ නීතීඥවරුන් පෙන්වා දී තිබේ.

නීතීඥවරු කොටුව පොලිසියට සහ රහස් පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.ඊට අමතරව, ඒ බව ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාවෙත ලිඛිතව දන්වා යැවූ බව ද පැවැසෙයි.

මේ අතර, තමන්ට මරණ ඇතැයි සඳහන් කරමින් චමුදිත සමරවික්‍රම විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් ද යොමුකර ඇත.

(lankadeepa.lk වෙබ් අඩවිය ඇසුරිනි)