රාජ්‍ය ඇමතිනී සුදර්ශනී දුන් ආදර්ශය

0
Sudarshani Fernandofulle - රාජ්‍ය ඇමතිනී සුදර්ශනී දුන් ආදර්ශය

කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුතාගේ විවාහ මංගල්‍ය උත්සවයද කල් දමා ඇත.

රාජ්‍ය ඇමතිවරයාගේ මේ ක්‍රියාකලාපය මුළු රටටම කදිම ආදර්ශයකැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

එතුමියගේ මෙම කැපකිරීම රටේ සෙසු සියලූ ජනතාව ආදර්ශයට ගෙන කටයුතු කළ යුතු බව පැවසූ මහාචාර්යවරයා විවාහ මංගල්‍ය උත්සව කොරෝනා බෝකරන ප්‍රධාන ස්ථානයක් හැටියට හඳුනාගෙන ඇතැයිද සඳහන් කළේය.

මේ අතර විවාහ මංගල්‍ය උත්සව ඇතුළු සාදවලට මේ අවස්ථාවේදී සහභාගිවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්නැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහුද ජනතාවගෙන් ඉල්ලා සිටිති.

එසේ නොවුණහොත් මංගල උත්සව පොකුරු නිර්මාණයවී කොවිඩ් අවදානම තවත් වැඩි වර්ධනය විය හැකි යැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ අතර සෞඛ්‍ය නීති නොතකමින් විවාහ මංගල්‍ය උත්සව පවත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් සෙවිල්ලෙන් සිටින ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීන් දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනටමත් උපදෙස් මාලාවක් ලබා දී ඇත.

(lankadeepa.lk වෙබ් අඩවිය ඇසුරිනි)