නැදුන්ගමුවේ ඇත් රජු දළදා මාළිගාවට සැපත් වෙයි

0
Nadumgamuwe Raja - නැදුන්ගමුවේ ඇත් රජු දළදා මාළිගාවට සැපත් වෙයි

ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දළදා කරඩුව වැඩමවීමේ කටයුතු සදහා නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා මේ වනවිට ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණ තිබෙනවා.

නැදුන්ගමුව ප්‍රදේශයේ සිට මාළිගා පරිශ්‍රය දක්වා කිලෝමීටර් 100 කටත් අධික දුර ප්‍රමාණය පා ගමනින් ගමන් කිරීම සදහා රාජා හස්තියාට මෙම වසරේදී ගතවූ දින ගණන 10 ක් .

දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැර මෙම මස 23 වෙනිදා ජන සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙනු ඇති.