ගෙවුණු දිනයේ (10) නව කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

0
Covid 19 New Cases - නව කොරෝනා ආසාදිතයින්

ගෙවුණු දිනයේ (10) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2624 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අතරින් පුද්ගලයින් 51 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනාගෙන ඇති බවත් ඉතිරි නව කොරෝනා ආසාදිතයින් පිරිස හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි.

ඊයේ නව කොරෝනා ආසාදිතයින් අතරින් ගම්පහ මුල්තැනට

1. ගම්පහ දිස්ත්‍රික්කය – ආසාදිතයින් 551 යි (වැඩිම ආසාදිතයින්)
2. කළුතර දිස්ත්‍රික්කය – ආසාදිතයින් 362 යි
3. කොළඹ දිස්ත්‍රික්කය – ආසාදිතයින් 321 යි

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 128,530 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 22,092කි.

කොරෝනා ආසාදිතව පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 10 ,5611 ක් දක්වා ඉහළ ගියේ ය.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොවිඩ් මරණ 26 ක් වාර්තා වී ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ, 827 ක් ලෙසයි.

එම මරණ වාර්තා වී ඇත්තේ, ගාල්ල, හෙට්ටිපොළ, පල්ලේවෙල , මහනුවර, මතුගම, පාදුක්ක, නෑබඩ (මරණ දෙකයි), යාපනය (මරණ දෙකයි), මීගහගොඩ, කළුතර , අකුරැස්ස, මොරොන්තුඩුව, කළුතර, අනුරධපුරය, කොළඹ – 6, කලුඅග්ගල, මොරටුව, මල්වාන, බොරැල්ල, කොළඹ- 15, කඳාන, මාස්වෙල, වත්තේගම, මාලඹේ යන ප්‍රදේශවලිනි.

ඊයේ (10) කොරෝනා ආසාදිතව මිය ගිය පිරිස අතර වත්තේගම පදිංචි තෙමස් වියැති බිළිඳියක ද වන අතර ඇය පසුගිය 9 වනදා මියගොස් ඇත්තේ, මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  ය.

ඇයගේ මරණය හේතුව ලෙස දක්වා ඇත්තේ, කොවිඩ් නියුමෝනියාව සහ බහු ඉන්ද්‍රීය අක්‍රියවීමයි.

(ඊයේ දිනයේ නිවේදනය කළ කොවිඩ් 19 මරණ – https://newsweb.lk/කොවිඩ්-මරණ-ගණන/)

මේ අතර අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තව ත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරිණ.

?️ මාතර දිස්ත්‍රික්කය
?මාතර පොලිස් වසම

* උයන්වත්ත
* උයන්වත්ත උතුර

?️මාතලේ දිස්ත්‍රික්කයේ
?රත්තොට පොලිස් වසමේ

*උඩහපුවිද

?️පුත්තලම⁣ දිස්ත්‍රික්කයේ,
?කොස්වත්ත පොලිස් වසමේ,

*මැදකිරිමැටියාන

?️මහනුවර දිස්ත්‍රික්කයේ
?කඩුගන්නාව පොලිස් බල ප්‍රදේශය

*වල්ගම්පාය වසමේ තිබ්බුට්ටගම
* කොස්ගස්තැන්නගම

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/